පින්කෙත

රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.

“නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි. මම අපේ පොඩි හාමුදුරුවෝ එක්කත් කතාකරකර හිටියේ ඒ ගැනයි.”

“ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙ‍සු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතුයි. එදා හොදය, අද නරකය කියා කම්පා වියයුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. ‍බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි. අදුරට දොස් නොනගා එයට පහණක් වනු නම් අගේ නොවැ.”

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.