සත්‍යපාලගේ සත්‍ය කථා

දිනක් සත්‍යපාල මහතා ගුවන් විදුලි සම්මුඛ සාකච්චාවකට පැමිණියේය. එහිදී

සිදුවුනු දෙබස මෙසේය.......


නිවේදක - ඉතින් සත්‍යපාල, කොහොමද ඔයාගේ මේ දවස්වල වැඩකටයුතු?

සත්‍යපාල - වැඩකටයුතු කියන්නේ මහත්තයෝ, ඒ ගැන කියලා වැඩක් නැහැ.

නිවේදක - ඒ කියන්නේ ඔබ ඒ තරමට කාර්ය බහුලද?

සත්‍යපාල - මං කිව්වනේ කියලා වැඩක් නැහැ කියලා. ආයෙත් අහනවා.

නිවේදක - හරි හරි. ඔබ ගැන විස්තර ටිකක් දැන ගන්න කැමතියි. ඔබ ඉපදුනේ කොහේද?

සත්‍යපාල - කළම්බු සෙවන්.

නිවේදක - ඒවුනාට අප අහල තියෙන්නේ ගම කැකිරාව කියලා නේ?

සත්‍යපාල - ඔව් ගම කැකිරාව, ඒ වුනාට මාව ලැබන්න ඉන්න කොට අම්මට අමාරු වෙලා, ඇම්බියුලන්ස් එකෙන් කොළඹට ගෙනාවා. ඉතින් කළම්බුවල තමයි ඉපදුනේ.

නවේදක - එතකොට ළමා කාලය කොළඹ ගතකළා කියන්නේ කොහොමද?

සත්‍යපාල - මේක නේ, මා ටිකක් අඩු මාසෙන් නේ ඉපදුනේ. ඒක නිසා අර මොකක්ද නොමේරූ ළදරු ඒකකය කියලා එකක් තියෙන්නේ, ඒකෙ මාස තුනක් විතර දාලා සිටියා. ඉතින් ළමා කාලයම නොදැනීම ගතවුනේ ඒක ඇතුලේ.

නිවේදක - හොදයි. එතකොට පාසල් කාලය ගැන යමක් කිව්වොත්?

සත්‍යපාල - පාසල් කාලේ නම් සුන්දරයි. මොකද අනෙක් හැම ළමයෙකුටම වඩා ඉහළින් තමයි ගුරුවරු මාව තැබුවේ.

නිවේදක - ඉහළින් තැබුවා කියන්නේ, ටිකක් පැහැදිළි කළොත් ඒගැන?

සත්‍යපාල - නෑ ඉතින් හරියට සිටියේ නැතිවුනාම ඉස්සෙල්ලාම පුටුව උඩ නග්ගනවා, ඊට පසුව ඩෙස් එක උඩ නග්ගනවා ඒත් බැරිවුනාම කබඩ් එක උඩ නග්ගනවා, එතකොට ඉතින් මුළු ඉස්කෝලෙම, විදුහල්පති තුමාටත් වඩා ඉහළින් තමා මා සිටියේ. ත‍ව ඉතින් ඉස්කෝලෙ ගැන තොරතුරු කියනවා නම් අපේ ගුරුවරු මට දෙවියන්ට වගේ තමයි සැලකුවේ.

නිවේදක - ඇයි ඒ?

සත්‍යපාල - ඒ කියන්නේ, එක අවුරුද්දක හිටපු ගුරුවරයෙක් ඊළග අවුරුද්දෙත් සිටියොත් අනේ දෙයියනේ උඹ මේ අවුරුද්දෙත් මගේ පංතියේද?” කියලා අසන‍වා.

නිවේදක - ඒ තරමට ආද‍රෙයි?

සත්‍යපාල - ආදරෙයි කියන්නේ, ආ‍දරේ වැඩිකමට මාව එකම පංතියේ අවුරුදු පහක් පමණ තබා ගත්තා.

නිවේදක - එතකොට පවුල් පසුබිම එහෙම කොහොමද?

සත්‍යපාල - පවුල්වූ පසු නම් බිම තමයි ඉන්නේ, ඇදට ගන්නේ නැහැ.

නිවේදක - ඒ මොකද?

සත්‍යපාල - හාමිනේ නම් කියන්නේ, නාලා එන්නේ නැහැ කියලා තමයි.

නිවේදක - පවුලේ වෙනත් විස්තර කියනවා නම්?

සත්‍යපාල - පවුලගේ විස්තර මේ වගේ තැනක පෞද්ගලිකවත් කියන්න බැහැ. ඒ තරම් ලැජ්ජයි.

නිවේදක - නෑ නෑ මා ඇසුවේ පවුලගෙ විස්තර නොවෙයි. ෆැමිලි එකේ විස්තර.

සත්‍යපාල - ෆැමිලි එක ගැන නේද? අපට හෙන බර ෆැමිලි එකක් තියෙන්නේ. ෆැමිලි එකේ විශේෂත්වය ඇවිල්ලා ඔක්කොම ඉන්නේ උපාදි කාරයෝ. අපේ අම්මා රජරට ඇග්රි ස්පෙෂල්, ඒ කියන්නේ අක්කලා දෙන්නත් එක්ක කුඹුරට බැස්සහම අක්කරය ඉතින් පැයකින් එකහමාරකින් ඉවරයි.

නිවේදක - ආ එහෙමද?

සත්‍යපාල - තාත්තා වයඹ ෆොරස්ට් ස්පෙෂල්. එයා ඉතින් හිටපු ග්රාම සේවක නේ. බදලා අල්ලන්න බැරි පලු ගස්, කරුවල ගස් පැයෙන් උළුවහු ජනෙල් කරලා මිදුලේ ගොඩගහනවා.

නිවේදක - නිමැවුම් උසස් නේද?

සත්‍යපාල - නැතුව, නැතුව. අපේ අයියා මහත්තයෝ කෙමිස්ට්රි ස්පෙෂල්. රෑට දගරෙයි සීනි මිටියයි අරගෙන යනවා. උදේට ඉතින් ගේ ඇතුලේ හැරෙන්න ඉඩ නැහැ. බෝතල්, බූලි ගොඩ ගහලා.

නිවේදක - දේශීය තාක්ෂණය.

සත්‍යපාල - ආයිත් අහල, උපරිමේ.

නිවේදක - හරි හරි මට හිතාගන්න පුළුවන්.

සත්‍යපාල - අපෙ බාප්පා කෙනෙක් ඉන්නවා, ඉන්ජිනේරු ස්පෙෂල්, මොරටුවේ කොන්ත්රාත් එකක් කරනවා ළඹය නැතුව තමයි බිත්ති නග්ගන්නේ. ඒවා තමයි අපේ පවුලේ විස්තර.

නිවේදක - එතකොට රට්ටු සිනස්සනවාට අමතරව මේ දවස්වල කරන වැඩ මොනවද?

සත්‍යපාල - අගනුවර උසස්ම රැකියාව තමයි කරන්නේ. වර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එක තියෙන්නේ, ඒකේ උඩම තට්ටුවේ වහලේ පොඩි රෙපයාර් එකක් බාප්පාත් එක්ක කරගෙන යනවා. එයා කිව්වා මිනිසෙකුට ළගා වෙන්න හැකි ඉහළම තැන එතනයි කියා.

නිවේදක - හොදයි සත්‍යපාල, කෙටියෙන්ම කි‍ව්වොත් කැමතිම පාට මොකක්ද?

සත්‍යපාල - ඒ දවස්වල නම් කොළ. දැන් නව් නිල්.

නිවේදක - මොනවා හරි විශේෂත්වයක් තියෙනවද?

සත්‍යපාල - තාත්තා නම් කියන්නේ ඉස්සර කැපුවත් කොළ කියලා. ළගකදී ඉදලා කැපුවත් නිල් කියලා තමයි කියන්නේ. ඉතින් මමත් නිල්.

නිවේදක - පරම්පරාවෙන් එන ආභාෂය නේද?

සත්‍යපාල - සත්‍ය වශයෙන්ම.

නිවේදක - ඔබ කැමතිම ක්රීඩාව?

සත්‍යපාල - බූරැවා ගැසීම, කුකුළන් කෙටවීම, ගොන් පොරවලටත් කැමතියි.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.