මගේ තාත්තා ......

  • මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්. දන්නවද ?
  • මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා.
  • මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක.
  • මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට හිතෙන්නෙ.
  • මට වයස අවුරුදු 10 දී – අපේ තාත්තලගෙ කාලෙ මේ හැම දෙයක් ම දැන් වාගෙ දියුණු නෑ.
  • මට වයස අවුරුදු 12 දී – අපෝ. ඒක අමුතු දෙයක් යැයි. තාත්තට ඒවා මුකුත් තේරෙන්නෙ නෑ. එයාට දැන් එයාගෙ පුංචි කාලෙ මතකවත් නැතුව ඇති.
  • මට වයස අවුරුදු 14 දී – එයාව ගණන් ගන්න එපා මචං. එයාට හණමිටි අදහස් තියෙන්නෙ.
  • මට වයස අවුරුදු 21 දී – අපේ තාත්තා. එයා පිස්සු දොඩවන්නෙ. දැන් කාලෙට ඒ පිස්සු ගැලපෙන්නෙ නෑ බං.
  • මට වයස අවුරුදු 25 දී – තාත්තා ඒ ගැන ටිකක් විතර දන්නවා. මොකද එයා හුඟක් කල් ඒවත් එක්ක වැඩ කළා නෙ.
  • මට වයස අවුරුදු 30 දී – තාත්තගෙන් ඇහුවොත් හොඳයි වගේ. මොනවා වුණත් තාත්තට හුඟක් අත්දැකීම් තියෙනව නෙ.
  • මට වයස අවුරුදු 35 දී – අපෝ. මම නම් ඔය වැඩේට අත ගහන්නෙ නෑ. තාත්තගෙන් අහල බලල මිසක්.
  • මට වයස අවුරුදු 40 දී – මට හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල. තාත්තා හරිම කල්පනාකාරී කෙනෙක්. ඕනෑ ප්‍රශ්ණයක් විසඳන නිවැරදි විදිය තාත්තා දන්නවා.
  • මට වයස අවුරුදු 50 දී – දෙයියනේ. තාත්තා හිටියා නම්.



No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.