පර්ඝණක මගින් සැකසූ ඡායාරූප... අපූරුයි නේද ?




නිර්මාණාත්මක දුම් විරෝධී දැන්වීම්






දිනමිණ කාටූන‍‍ය - 27 10 2010

වීරරත්නගේ කාටූනය - දිවයින 27 - 10 -2010

ධම්මපදයෙන් වදනක්

‍බොහෝ මනුෂ්‍ය‍යෝ ‍ලොව සැබෑ‍ ‍ලෙස ‍නොදක්නා අන්ධ‍යෝය. අත‍ලොස්සක් ‍දෙනා පමණක් ප්රඥා‍වෙන් සැබෑ ‍ලොව දැක, දැලන් මිදුණු කුරුල්ලන් ‍සේ විමුක්තිය කරා ඇ‍දෙති.

උපන්දින තෑග්ග

අවුරුදු 83ක් පමණ වයස් වූ මහත්ම‍යෙකු ‍ගේ උපන් දින උත්සවයකට සහභාගි ‍වන ‍ලෙසට එක්තරා පවුලකට ආරාධනාවක් ලැබින. එම මහත්මයා ‍ගේ උත්සවයට ‍ගෙන යා යුත්තේ කුමක් ද යන්න පිළිබදව ‍මෙම පවු‍ලේ උදවියට ගැටළුවක් ඇති විය. අන්ති‍මේ දී, ඔවුන් තීරණය ක‍ළේ, ‍මේස් බැනියමක්, ටූත් පේස්ට් එකක් සහ සබන් කැට කිහිපයක් ‍ගෙන යෑමට යි.

ඔවුහු එම තෑගිත් අර‍ගන උපන්දින උත්සවයට සහභාගි වූහ. කෑම ගැනී‍මෙන් අනතුරුව අල්ලාප සල්ලාපයේ ‍යෙදුනු ඔවුහු ආපසු ඒමට පිටත් වූහ. උපන් දිනය සමරණ ලද මහත්මයා ‍ගේ ක‍ටේ එකම දතක් වත් නැති බව ඔවුන්ට මතක් ‍වු‍නේ ආපසු එන අතරතුරයි. ටූත් ‍පේස්ට් එකක් ත්‍යාග වශ‍යෙන් දීම ගැන ඔවුන් සැමටම සිනහ පහළ විය. හික්! හික්!

සමාව ඉල්ලීමට පරක්කු වැඩී

video

බීල නටන අය ඔක්කොම මෙහෙමද?

අපූරු නිර්මාණාත්මක සොයාගැනීම්.

ඇඟිලි බේරගෙන ළූන් කපමු

‍බෝතල් අරිනයත් දුරස්ථ පාලකයත් එකට 

තේ පෝච්චි රඳවනය

කෑ චුයිංගම් ඩප්පිය යට කුනු බක්කිය‍ට දාමු

පීසා කපන කතුර

නවා අගුලු දැමිය හැකි බයිසිකලය

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.


මේක කොච්චර විතර බර ඇද්ද?”
ග්රෑම් 50ක්”; “ග්රෑම් 100 ක්”; “ග්රෑම් 125 ක්ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.
මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.” මහාචාර්යය වරයා නැවතත් විමසීය.
මුකුත් වෙන එකක් නැහැසිසුන් පිළිතුරු දිනි.
හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”
ඔබගේ අත කකියන්න පටන් ගනියිසිසුන් නැවතත් පිළිතුරු දිනි.
ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.
ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැකටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.
හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද? නැහැසිසුන් පිළිතුරු දිනි.
එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
වීදුරුව බිමින් තියන්න
හරියටම හරි. ජීවිතයේ ප්රශ්න කියන්නෙත් මේවටම තමයි.”
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.
ඔබගේ ජීවිතයේ අභියෝග (ප්රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.
මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න
-පරිවර්තනයකි
.
ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.