දයාබර පුතේ / Dear Son

කැදැල්ලෙ ඇතිවූ කුරුල්ලෝ වගේ...


පවුලකට දුවෙක්‌ නැතිවුණා ම ජීවිතයේ අවසාන කාලයේ අම්මලා තනිවෙනවා කියන කතාවක්‌ සමාජයේ එදා ඉදලාම පවතිනවා. ඒ කතාව ඇත්තක්‌ ද? කියන එක පිළිබඳව කතා කරන්නට සිතුණේ දුවලා හිටියත් අම්මලා තනිවෙන අවස්‌ථා ඕනෑ තරම් තිබෙන නිසා.


පුතේ ඔයා කොච්චර හොඳ පුතෙක්‌ ? අපේ පවුලෙ අයගේ, සමඟියේ බැඳීම තුළ ඔයාගේ ජිවිතයට ඔයා කොයිතරම් නම් හොඳ ගතිගුණ එකතුකරගෙන තියෙනවා ද?

ආදරය, දයාව, කරුණාව, ලෙංගතුකම කියන දේ උපරිමයෙන් ම ඔයාගේ ජීවිතයේ තිබීම පිළිබඳ අම්මා හරිම සතුටින්.

අම්මා අසනීප වුණු අවස්‌ථාවල පුතා, පුතාට හැකි පමණින් නිවෙසේ කටයුතුවලට සහයෝගය දැක්‌වීම අම්මාගේ සිතට කොපමණ සතුටක්‌ වුණාද?

අම්මලාගේ අගය වටහා ගත්තද පුත්තු අද සමාජයේ ඕනෑ තරම් සිටින බව සමාජයට දෙනෙත් යොමු කිරීමේදී පෙනෙනවා. ඔවුන් කවදාකවත් අම්මලා තනි කළේ නැහැ.

මං මේ කියන පවුලේ පුතාලා තුන්දෙනයි, දුවලා හතර දෙනයි. දුවලා බැන්දට පස්‌සේ වෙන ම පදිංචියට ගියා. අම්මයි තාත්තයි එක්‌ක ඉතිරි වුණේ බාල පුතා විතරයි. වැඩිමහල් පුතාලා දෙන්නත් විවාහවෙලා විදේශගත වෙලයි හිටියේ.

බාල පුතා හිටියේ විවාහ වී නිවසේම යි. අම්මා හදිස්‌සියේ අසනීප වුණා.

රෝගය බරපතල වීමේදී අම්මාට ඇඳ විවේකය ගන්නට වුණා. විශ්වාස කරන්න ඒ ගෙදර බාල පුතා තමයි අම්මගේ සියලුම කටයුතු කළේ. කොටින් ම කියනවා නම් ගෙදර ඉවුම් පිහුම් කටයුතු වලට පවා බිරිඳට උදව් වෙමින් අම්මාගේ ඇඳුම් පැළඳුම් සෝදා දෙමින් සියලු කටයුතු කළේ බාල පුතා.

"
මගේ පුතා බුදුන් දැක නිවන් දකින්න ඕනේ." මං දරුවෝ හදපු හොඳකම නිසා මම අද හරිම සැනසිල්ලෙන්. ඒ අම්මව බලන්න එන හැමෝටම පුතාව වර්ණනා කළේ එහෙමයි.

සැබවින් ම දෙමව්පියන්ට සලකන දරුවන්ව, ගරුකරන දරුවන්ව දෙවියන් ආරක්‌ෂා කරනවා පුතේ. දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන් වෙත ලැබෙනවාමයි.

අම්මා කෙනෙක්‌ තමන්ගේ පුතා තමන්ට සැලකීම පිළිබඳ මහ ඉහළින් වර්ණනා කරද්දී තව අම්මලා කිදෙනෙකු නම් තම පුතාලාගේ ගුණ හිතින් වර්ණනා කරනවා ඇතිද?

"
දුවෙක්‌ නැති අඩුපාඩුව අපේ ගෙදර නම් නැහැ." අද බොහෝමයක්‌ අම්මලා එහෙම කියනවා.

සැබවින් ම එහෙම කියන අම්මලාටම තමයි එහි ගෞරවය හිමිවෙන්න ඕනේ. එයට හේතුව පුතා හොඳ පුතෙක්‌ කර ගත්තු නිසා. වෙහෙසේ ප්‍රතිඵලය මතු දිනෙක අම්මලාට ලැබෙන්නේ අන්න ඒ විදිහටයි. ආයෙත් ඒ පිළිබඳ කියන්නට දෙයක්‌ නැහැ. ඒක ස්‌ථිරම දෙයක්‌.

සෑම අම්මා කෙනෙකුට ම පුතෙක්‌ හොඳ පුතෙක්‌ වීමේ සතුට විඳගන්නට ලැබෙනවා නම් ඊටත් වඩා සතුටක්‌ තිබෙනවාද? එවිට ඒ පිළිබඳ අම්මලා සතුටු සිනා නගන්නේ හද පත්ලෙන්මයි.

හැබැයි පුතේ අම්මා ලබන මේ සතුට, "විශ්ව කර්මයක්‌" මඟින් ලබාගත් දෙයක්‌ නොවන බව පුතා හොඳට ම දන්නවා. පුතාලා නිසා සතුටු වන අනෙකුත් අම්මලාත් ඒක එහෙමයි කියා ස්‌ථිර කරාවි.

ඒකට එක ම හේතුව අපි හැමදාම ඔයාව අපේ අත මායිමෙන් ඈත් නොකිරීම.

පුතා යන එන තැන් පිළිබඳ පුතා ආශ්‍රය කරන අය පිළිබඳ අපේ අවධානය වැඩිවීම තුළ පුතා ඒ සියලූම දේ අපිත් සමඟ සාකච්ඡා කිරීමේදී හොඳ නරක පුතාට තෝරා බේරා දෙන්නට තාත්තා සහ අම්මාගේ ඉදිරිපත්වීම තුළ පුතා නරකට යොමු වුණේ නැහැ.


පුතේ නරකට යොමුවීම අපහසු නැහැ. හරිම ලේසියි. යොමුකර ගන්නට ඕනෑ තරම් පිරිසක්‌ සමාජයේ ඉන්නවා.

ඒත් විශේෂයෙන්ම පුතෙක්‌ව යහමඟට ගන්නට පිරිසක්‌ සිටිනවා නම් ඒ පිරිස අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා ඉතාම අඩුයි. ඒකට හේතුව හොඳ පැත්තට යොමු කිරිමට සිටින පිරිස අඩුකම නිසා. පුතෙක්‌ගේ හොඳ දකින්නට වඩා නරක දකින්නට සමාජය කැමති වන නිසා.

ඒ නිසා ම මව්පියන් තේරුම් ගත යුතු ප්‍රධානම කරුණ තමයි ඒ. පුතෙක්‌ හොඳ පුතෙක්‌ කර ගන්නට නම් පුතාව හැම විටම ඇස්‌ මායිමේ තබාගත යුතු බව, මව්පියන් විශේෂයෙන් ම අම්මා අවබෝධකර ගත යුතුයි. හැබැයි ඒ තම පුතාට අනවශ්‍ය කරදරයක්‌ නොවන ලෙසටයි. අනවශ්‍ය ලෙසින් නිදහසට තහංචි නොදමන ලෙසට යි. එසේ වූ විට කිසි ම අම්මා කෙනෙකුට තම පුතු වෙනුවෙන් ඇසට කඳුළක්‌ නොනැගෙනු ඇති. තමන් වයසට යාමත් සමඟ තමා තනිවනු ඇතැයි සිතට බියක්‌ නොදැනෙනු ඇති.

මව්පියන් සහ දරුවන් අතර පරතරය ඉතා ම සමීප වීමේදී දරුවන්, මව්පියන්ට නොදන්වා කිසිදු වැරදි දෙයකට නොපෙළඹීම යනු දරුවන් හොඳ දරුවන් ලෙසට ජීවිතය හැඩගස්‌වා ගැනීමක්‌ ම වනු ඇති.

පුවත්පතකින් උපුටා ගැන්මකි
සපු

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.