ගූගල් සිංහල පරිවර්තකයට දායක වෙමු / Lets contribute to the Google Sinhala Translator

අද මේ ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) ඇති තොරතුරු කන්දරාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙනවා මිසක් නැවතීමක් නෑ. ඇත්තටම මෙහි ඇති තොරතුරු වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසිනි. දැන් දැන් යුනිකේත වගේ භාෂා සම්මුතීන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ විවිධ රටවල් තම ස්වභාෂාවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට සීඝ්‍රයෙන් තොරතුරු මුදාහරිමින් සිටිනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල  සිංහල යුනිකේතය බිහිවීම ගත හැක. සිංහල යුනිකේතය නිසා අද සිංහල බ්ලොග් අඩවි මගින් ලෝක ව්‍යාප්ත ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කරමින් පවතී. නමුත් මෙය අනෙක් ලෝක ව්‍යාප්ත භාෂා (ඉංග්‍රීසි, චීන, ජපන්....) වලට තරගයක් දිය හැකි මට්ටමේ තොරතුරු සම්පතක් නොවේ.

මේ නිසා අන්තර්ජාලය තුල ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති තොරතුරු සම්පත තම ස්වභාෂාවෙන් අවබෝධ කර ගැනීමට එක් එක් අය එක් එක් උපක්‍රම යෙදුවා. එවැනි ඉතා ජනප්‍රිය ක්‍රමයක් තමා ගූගල් පරිවර්තකය.(Google Translator) එමගින් විවිධ වෙබ් අඩවි වල ඇති තොරතුරු අන්තර්ගතය තමා කැමති බසකට හරවා ගත හැක. මෙය ස්වයංක්‍රීය මාර්ගගත මෘදුකාංගයක්(Automation Online Software) වන නිසා ඉතා පහසුවෙන් ඕනෑම දෙයක් ඕනෑම බසකට පරිවර්තනය කර ගත හැකියි.

නමුත් තවමත් මෙහි ස්වයංක්‍රීය පර්වර්තනයට ලොව පුරා ඇති සියලුම භාෂා ඇතුලත් කර නොමැත. ඉතින් ලංකාවේ අපට වැදගත් වන සිංහල භාෂාවත් මේ ලැයිස්තුවට ඇතුලත් වී නොමැත. නමුත් ගූගල් විසින් අපේ භාෂාවත් මේ ස්වයංක්‍රීය පරිවර්තනයට ඇතුලත් කර ගැනීමට අපට අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඒ තමා ගූගල් පරිවර්තන උපකරණ කට්ටලය(Google Translator ToolKit). මෙහිදී තමා තෝරා ගත් ඉංග්‍රීසි බසින් ලියැවී ඇති ගොනුවක්(Word/Writer/Rich text) හෝ විකිපීඩියා ලිපියක්(Wiki Article) හෝ වෙබ් පිටුවක් වාක්‍යයෙන් වාක්‍යය සිංහල භාෂාවට පර්වර්තනය කල යුතුයි. මේ සදහා ඔබ ඔබේ ගූගල් ගිණුමට  ලොග් වීhttp://translate.google.com/toolkit?hl=en&layout=1&eotf=1 යන සබැදියට යන්න. එහිUpload බොත්තම ඔබා අවශ්‍ය ලේඛනය තෝරාගෙන පරිවර්තන කටයුතු සිදු කල හැක. මෙය යාන්ත්‍රික පරිවර්තන කාර්යයක් කියා හදුන්වන්න පුළුවන්.

මෙසේ අදාළ භාෂාවෙන් සැලකිය යුතු ම්ට්ටමේ තොරතුරු ප්‍රමාණයක් පරිවර්තනය වී අවසන් වූ විට ඔවුන් එම භාෂාව ඔවුන්ගේ ස්වයංක්‍රීය පරිවර්තන ලැයිස්තුවට ඇතුලත් කර ගනී. එතැනින් පසු ගූගල් විසින් අදාළ පුද්ගල සහය ඇතුව ඉංග්‍රීසි ලිපියක් දුන් විට ස්වයංක්‍රීයව එම භාෂාවට පරිවර්තනය වන ආකාරයට එම මෘදුකාංගය යාවත්කාලීන කරනවා. ඉතින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කිරීමට උත්සහ දරන අපට දැන් තවත් කාර්යයක් පැවරිලා. ඒ තමා සිංහල බසත් කෙසේ හෝ ගූගල් පර්වර්තකයට ඇතුලත් කර ගැනීම. ඉතින් ඔබත් හැකි ආකාරයෙන් ඉංග්‍රීසි ලිපි කිහිපයක් සිංහල භාෂාවට හරවන්න උත්සහ ගන්න. මතක ඇතුව මුල් භාෂාවට ඉංග්‍රීසි බසත් පරිවර්තනය කල යුතු භාෂාවට සිංහල බසත් තෝරා ගන්න. 

මමත් මේ ගැන මුලින්ම දැන ගත්තේ සිසු හවුල ගූගල් සමූහයෙන්. එහි විමල් මහතා විසින් පළ කරන ලද විස්තරයක් ඇසුරෙනි.

(උපුටාගැනීම රන්දිකගෙ සටහන් වලින්)

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.