2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කළ විශාල පිංකමක් / For 2600th Buddha Jayanti

අතුරුගිරිය පොලිසිය, බොහෝ භෞතික අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ස්ථානයකි. අතුරුගිරියේ සිවලි අසපුවේ අදිපතිත්වය දරණ පදලංගල ධම්මදේව හාමුදුරුවෝ මෙම පොලිස්ථනයට පැමිණි අවස්ථාවකදී මෙම අඩුපාඩු දැක තිබේ. මෙම
ස්ථානයේ තත්ත්වය අදාළ ස්ථානවලට දන්වා නව ගොඩනැගිලි ආදිය ලබා ගැනීමට යෝජනා කළ ස්වාමීන් වහන්සේ, තමන් වහන්සේගේ වියදමින් බෞද්ධ මන්දිරයක් තනාදීමට කැමැත්ත දක්වන ලදහ.

හාමුදුරුවන් වහන්සේගේ අදහස අනුව බුදු මැදුරක් තැනීමට සුදුසුම තැන පොලිස්ථනයේ ඉඩමට ඇතුල්වන ගේට්ටුව අසල බව තීරණය කිරීමෙන් පසුව ඒ සඳහා අදාළ ඉහළ නිළධාරීන් ගෙන් අවසර ගැනීම, මෙම පොලිසියේ ස්ථානාධිපති කපිල සේනානායක මහතාට පැවරින. එතුමා විසින් අවශ්‍ය අනුමැතිය ලබා ගන්න ලදි.

ඒ අනුව 2011 මැයි මස 02 වැනිදා මෙම බුදු මැදුරට මුල්ගල තබන ලදි. මෙම මැදුරට උවමනා කරන දැව සියල්ල ප්රදේශයේ ව්‍යාපාරික මහතෙකු විසින් නොමිළයේ සපයන ලදි. බුදු පිළිම වහන්සේ තැබීම සඳහා වීදුරු කුටියක් වෙනත් මහත්මයෙකු විසින් නොමිළයේ සපයන ලදි. ඉතිරි වියදම් සියල්ලම දරණ ලද්දේ පූජ්‍ය පාද පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.

සති දෙකක් ඇතුලත බොදු මැදුරේ වැඩ සියල්ල නිමවා 2011 මැයි මස 18 වැනිදා සවස, නුගේගොඩ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, දේසබන්දු තෙන්නකෝන් මහතා විසින් විවෘත කරන ලදි. බුදු රජාණන් වහන්සේ වෙත මුල්ම පහන් දැල්වීම සිදු කරන ලද්දේ ධම්මදේව හාමුදුරුවන්ගේ මෑණයන් විසිනි.

මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ ස්වාමීන් වහන්සේ, මේ බුදු මැදුර උන් වහන්සේ විසින් තම වියදමින් තනවන ලද තුන්වන බුදු මැදුර බව පැවසූ සේක. මෙයට පෙර උන්වහන්සේ ගේ ගම් ප්රදේශය වන ඇඹිලිපිටියේ, පදලංගල ස්ථාන දෙකක බුදු මැදුරු තනවා ගම්වාසීන්ට වැඳුම් පිදුම් කිරීමට ඉඩ සලසා දී ඇති බවත් පැවසූහ.

උත්සව සභාව ඇමතූ පොලිස්ථානාධිපති කපිල සේනානායක මහතා පැවසූවේ මෙම සත්ක්රියාවේදී, එහි වැඩට සම්බන්ධවී සිටි සේවකටකුට තේ එකක් දීමට තරමි අවස්ථාවකට වත් ස්වාමීන් වහන්සේ විසින් එතුමාට ඉඩ නොතබන ලද බවයි.

ගෞරවාර්හ පූජ්‍ය පාද පදලංගල ධම්මදේව හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා!

bhd

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.