සිතා ගන්න බැරි විදියේ අහඹු සිදුවීමක් / Almost Impossible

කොළඹ, කොටහේ‍නේ එක්තරා පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන එක්තරා මහත්මයෙකු සතුව මෝටර් රථයක් තිබුනි. අළුත්ම වාහනයක් වන එය ඔහු මිළදී ගත්තේ 2000 වසරේදීය. 2001 වසරේදී ඔහු එම රථය විකුණුවේය. එයින් පසු එම රථය කීපදෙනෙකු අතට මාරු ‍වී ඇත.
එසේ මිළදී ගත් කිසිම කෙනෙක් මෙම අතින් අත යාම මෝටර් වාහන රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදංච් කොට නැත. 2011 වසරේදීත් එම වාහනය තිබෙන්නේ මුල්ම අයිතිකරුගේ නමිනි.

ව්‍යාපාරිකයෙකු වන මෙම මහත්මයාගේ ආදායමි විස්තර අතර ඉහත සඳහන් වාහනය ගැන තොරතුරු නොමැතිවීම ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසන්නට විය. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා, තාමා සතුව තිබී, විකුණූ වාහනය ගැන සොයන්නට සිය ලේලියට (පුතාගේ බිරිය) භාර දුනි.

ඇය මුලින්ම ගියේ මාලිගාවත්තේ පිහිටි බස්නාහිර පලාත් සභාවේ වාහන ආදායම් දෙපාර්තමේන්තුවටය. එතනින් ඇයට පිටුවහලක් නොලැබුනි. වාර්ෂිකව ආදායම් බලපත්රය අළුත් කොට ඇති මුත් ඒ සෑම අවස්ථාවකම සඳහන් වී ඇත්තේ ඇයගේ මාමාණ්ඩියගේ නමය.

ඉන්පසු ඇය ගියේ වාහනය රක්ෂණය කොට ඇති සමාගමටය. එහිද රක්ෂණය අළුත් කොට ඇත්තේ මුල් අයිතිකරු වන ව්‍යාපාරිකයාගේ නමිනි.

මෙම අවස්ථාවේ සියළු බලාපොරෙත්තු අතහැර දැමූ මෙම කාන්තාව සිය රැකියා ස්ථානය වෙත ඇවිදගෙන යාමට තීරණය කොට පිටත්විය. මෙසේ ඇව්දගෙන යන ඇයට මරදානේ වාළුකාරම විහාරය පසුකර යාමට සිදු විය. එම පංසලේ වාහන අංගනයක් තිබේ. මෙ‍ම කාන්තාව ඇවිදින ගමන් වාහන අංගනය දෙස විමසිල්ලෙන් බැලුවාය.

ඇය පුදුමයට පත් කරමින්, සිය මාමණ්ඩියට අයත්ව තිබූ මෝටර් රථය එම වාහන අංගනයේ නතර කොට තිබුනි. ඇය වහා එහි ගොස් වාහනය වටේටම කැරකී සිය අනුමානය තහවුරු කරගත්තාය. එය සුරක්ෂිතව වසා තිබුන හෙයින් විවර කරගැනීමට නොහැකි විය. එහි ආරක්ෂක නිළධාරියෙකු සොයාගිය ඇය, මෙම වාහනයේ අයිතිකරු කවුදැයි ඇසුවාය. ඔහුට ඒ ගැන නිෂ්චියක් නොවීය. පසුව ඇය වාහනයේ වීදුරුව තුළින් එහි ඇතුලත බැලුවාය. එහි රියදුරු අසුන මත වූ එක්තරා වාහන කොටස් ආනයනය කරන ආයතනයක කුවිතාන්සියක් වෙත ඇයගේ ‍ෙනත ගැටින.

වහාම ක්රියාත්මක වූ ඇය, එහි සඳහන් වූ ආයතනය වෙත ගියාය. එහිදී මෙම වාහනයේ හිමිකරු ඇයට මුණගැසින. තරුණ මහත්මයෙකු වූ ඔහු සමග මෙම වාහනය ගැන සියළු විස්තර කතා කළ ඇය, ඔහුගේ විස්තරත් ලබාගෙන ඉදිරි සතියේදී මෙම පටලැවිල්ල නිරාකරණය කරගැනීමට ‍එකඟ කරවා ගත්තාය.

මෙය සත්‍ය සිද්ධියකි.

BHD

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.