සිළුමිණ සිනා කතා / Silumina Jokes


කොහොම සතුටු වෙන්න ද?


‘දැන් ඔහේට හොඳටම සනීපයිනෙ. ඒ හින්දා අපි ඔහේගෙ ටිකට් කැපුවා. ගෙදරින් දන්වලා තියෙනවා අද එනවයි කියල සිරිපිනාව ගෙදර එක්ක ගෙන යන්ඩ. ඉතින් එහෙව් එකේ මොකෝ මේ මූණ එල්ලා ගෙන? හිනාවෙලා සන්තෝසෙන් ඉන්ඩ එපායැ.’ අංගොඩ මානසික රෝහලේ, වාට්ටු භාර වෛද්‍යවරයකු තම වාට්ටුවේ රෝගියකු අමතා කීවේය.

“කොහොමද දොස්තර මහත්තයො මම සන්තෝස වෙන්නෙ” මම මෙහාට ආවේ ශක්‍ර දේවේන්ද්‍රයගෙ පවුල විදියට. ඒත් මට අද ගෙදර යන්ඩ වෙන්නෙ නිකංම නිකං හොරව්පොතානෙ සිරිපිනා විදියට නෙ.” සිරිපිනා ශෝකයෙන් තෙපළාය.

එකක් වැඩිවෙයි

“දැන් අපේ රටේ ජනගහනය එක්කෝටි පනස් ලක්ෂ හැටදාහක් නම් ලබන මාසෙ වෙනකොට ජනගහනය කීයක් වෙයි ද කියල උපකල්පනය කරලා කියනවා බලන්ඩ ලක්ෂ්මන්.” තම පන්තියේ සිටින අමාරුකාර ශිෂ්‍යයකු දෙස බලමින් චමරි ටීචර් කීවාය.
“තව මාසෙකින් එක්කෝටි පනස් ලක්ෂ හැටදාස් එකයි.” නව මසක ගැබිණියක් වූ තම ගුරුතුමියගේ ඉදිරියට නෙරා ආ දරු ගැබ දෙස බලමින් ලක්ෂ්මන් පිළිතුරු දුන්නේය.

අයියට භාගෙට...

පාසල් පරීක්ෂක වරයා පන්තියට ගොඩ වූයේ ළමෝ පන්ති ගුරුතුමා ගෙන් ගණිතය පාඩමක් ඉගෙන ගනිමින් සිටියදී ය. ගුරුතුමා පසෙකට කළ පරීක්ෂකවරයා ළමයින් අමතා මෙසේ කීවේය.
“ළමයි, බොහොම හොඳට මම මේ කියන ගණිත ගැටලුව අහගෙන ඉඳලා නිවැරැදි උත්තරය කියන්ඩ ඕනෙ. ඔන්න එක බස් රථයක් කොළඹ ඉඳලා පොලොන්නරුව දක්වා පැයට හැතැප්ම 60 ක වේගයෙන් ධාවනය වෙනවා. බස් රථය පොලොන්නරුවට ළඟා වෙන්න හරියටම පැය 6 ක් ගත වෙනවා. ඔය බස් රථයේ මමත් යනවා. දැන් මගෙ වයස අවුරුදු කීය ද?”
පන්තියේ ළමයින් සියල්ලෝම හොල්මන් වී බලා සිටියදී සෙනරත් පිටුපස අසුනක සිට අත ඔසවා නැගිට මෙසේ පිළිතුරු දුන්නේ ය.
“අවුරුදු 50 යි”
“හරියටම හරි. දැන් කියන්ඩ බලන්ඩ ඔය ළමයා මේ උත්තරේ හොයා ගත්තෙ කොහොමද කියලා” පාසල් පරීක්ෂකවරයා කීවේය.
“ඒක හරි සිම්පල් සර්. අපේ අයියා කෙනෙක් ඉන්නවා, ගෙදර. එයාගෙ වයස අවුරුදු විසි පහයි. එයාට බාගෙට පිස්සු. එහෙම නං සර්ට අවුරුදු 50 යි” සෙනරත් පිරික්සමින් පිළිතුරු දුන්නේය.

එහෙම පුළුවන් ද?

“හානේ...! ෂෝක් කමිසෙ. හැබැයි සෙනෙවි ඕක ඔයාට ටිකක් හිරයි වගෙ. සයිස් එක බලලා ගන්ඩ එපායැ ළමයො.” තුෂාරි කීවේ සැමියා ඇඳ සිටි අලුත් කමිසය දෙස බලමිනි.
‘ඔයා මේ බණ කතා කරනවා. වැලේ වනලා තියෙන ඇඳුමක සයිස් බල බලා ඉන්ඩ පුළුවන් ද?’ සෙනෙවි කීවේ වහා කමිසය ගලවමිනි.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.