සිළුමිණ සිනා කතා / Silumina Jokes


ඒක ගේන්නෙ කොහොමද?


රණේගම තම සමීප සගයන් දෙදෙනා සමඟ විසල් හෝටලයකට ගොඩ වුණේ ඔවුන් දෙදෙනා සේවය කළ අමාත්‍යාංශයට ම තමාට ද අනුයුක්ත වීමට අවස්ථාවක් ලබා දෙමින් ඔවුන් කළ මෙහෙයය වෙනුවෙන් තම ප්‍රතිඋපකාර දැක්වීමේ අදහසිනි. හෝටලය තුළ අසුන් ගෙන වටපිට බලද්දී වේටර්වරයකු ඔවුන් වෙත පැමිණ ගරුසරු ඇතිව රණේගම වෙත මෙනු පතක් පිළිගැන්වීය.
ඉංග්‍රිසියෙන් මුද්‍රණය කොට තිබූ අලංකාර මෙනුපත කීපවරක් පෙරළා බැලූ රණේගම එහි අවසන් පිටුවේ පහළ වගන්තියකට ඇඟිල්ල තබා, වේටර් දෙස බලා මෙසේ කීවේය.
“අපිට මෙන්න මේකෙන් 3ක් ගේන්ඩ”
”සොරි සර්, ඒක නං දෙන්ඩ විදිහක් නෑ. ඒ අපෙ මැනේජර් නෝනගෙ නමයි අත්සනයිනෙ” වේටර් කීවේය.

කෑදරකම


”මේ අමිතා, ඔයගොල්ලන්ගෙ අම්මා සල්ලිවලට හරි කෑදරයි නේද?” අමිතාගේ නිවෙසේ සාලයට වී ඇය හා කතාබහක යෙදී සිටි කරුණාසේන සාවඥ හිනාවක් පාමින් අමිතාගෙන් රහසින් ඇසීය.
”ඇයි අනේ ඔයා ඒ වගෙ කතාවක් කිව්වේ?” අමිතා තමා පැලඳි උපැස් යුවළ ද විසිවෙන තරමට හිස ගස්සා ඇසුවාය.
”නෑ... ගිය සුමානෙ දවසක් අපි දෙන්නා මේ වගෙ සාලෙ කතා කර කර ඉන්දැද්දි ඔයාගෙ නංගි අපි ළඟ කැරකෙන කොට මං එයාට රුපියල් දෙකේ කාසියක් දුන්නා, “ඕනෑ දෙයක් ගන්ඩ” කියල. දැන් බලන්ඩකො ඔයගොල්ලන්ගෙ අම්මා අපි වටේ කැරකෙන හැටි!” කරුණාසේන පැහැදිලි කළේය.

දහතුනට බය ද?


එකදිගට පැය කීපයක් රූපගත කිරීම්වලට සහභාගී වූ ජනක, හෝටලයේ තමාට වෙන්වූ කාමරයට ගොස් මඳක් විවේක ගැනීමේ අදහසින් හෝටලයේ කොරිඩෝව දිගේ පියමන් කරමින් සිටියේය. හෙතෙම එහි එක් නැම්මක් පසුකරත්ම එහි කුලුනක පිටුපස සැඟවී සිටි ළාබාල තරුණියක් එක්වරම ඔහු ඉදිරියට කඩා පැන ඔහුගේ බෙල්ලේ එල්ලී වැරෙන් මුහුණ සිප ගනිමින් මෙසේ කීවාය.
”මං ඔයාට හරිම ආදරෙයි. ඇත්තටම...”
අනපේක්ෂිත සිද්ධියෙන් කලබලයට පත් ජනක ඇගේ ළපටි පෙනුම නිරීක්ෂණය කරමින් මෙසේ ඇසීය.
”මේ නංගි, ඔයාට ඇත්තටම වයස කීයද?”
”මට දැන් දහතුනයි” ඇය තොෙඳාල් බසින් තෙපළාය.
”මොනවා, දහතුනයි!” මුව අයා විමසූ ජනක වහාම එතැනින් පැනගන්නට පය එසවූයේය.
”අනේ බයගුල්ලා! දහතුන අසුබයි කියලා බය හිතුණා නේද?” ඇය මහහඬින් සිනාසෙමින් ඇසුවාය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.